විදුලි අවුල ලිහන්න සූර්‍ය පැනලවලට යන්න

885

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති යොදා ගැනීම සිදු විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.එමෙන්ම ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහය දෙන ලෙසද ජනාධිපතිවරයා විදුලි බල ක්‍ෂේත්‍රයෙ ප්‍රවීණයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් ලබාගැනීම රජයේ ඉලක්කය වී ඇතත් මේ වනවිට මෙගාවොට් 700 කට ආසන්න විදුලි ධාරිතාවක් සූර්ය බල ශක්තියෙන් ජනනය කළ හැකිව තිබෙන නමුත් විදුලි බල ඉංජිනේරුවරුන්ගේ විරුද්ධත්වය මත එය ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බව සඳහන් වේ.පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කර ගැනීමේ දී පවතින ගැටලු පිළිබඳව සොයා බැලීමට කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. ප්‍රධාන විදුලිබල පද්ධතියේ දැනට පවතින ධාරිතාව මත මෙගාවොට් දහසකට ආසන්න නව විදුලි උත්පාදනයක් එක්කර ගත හැකි බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) පී. ඩබ්. හෙන්දහේවා මහතා කියයි.ඛනිජ තෙල් යොදාගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් සියයකට සහ ගල් අඟුරු යොදා ගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් පනහකට අධික පිරිවැයක් දැරීමට සිදු වේ. ඒ වෙනුවට පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමෙන් ඩොලර් බිලියන 300 කට අධික මුදලක් වාර්ෂිකව ඉතිරි කරගත හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේය.තාප බලයෙන් විදුලි උත්පාදනයට මසකට ඩොලර් මිලියන 100 කට අධික මුදලක් වැය වේ. ඒ අනුව පවතින මිල ගණන් යටතේ තවදුරටත් විදුලිය සැපයීම දුෂ්කර කාර්යයක් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය සඳහා පාසල්, රෝහල් ඇතුළු රජයේ ගොඩනැඟිලිවල වහල ප්‍රයෝජනයට ගැනීමෙන් විශාල භූමි ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛi අනිල් ජාසිංහ මහතා පැවසීය.
 

advertistmentadvertistment
advertistmentadvertistment