විදුලි ඉංජිනේරුවෝ ‘අකුරට වැඩ’ අත්හිටුවති

120

විදුලි ඉංජිනේරු සංගමය මගින් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය තාවකාලිකව අත්හැර දැමූ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් සාධනීය ප‍්‍රතිචාරයක් සලකා බලා මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය නතර කළ බවද ඒ මහතා කීය.

බිඳවැටී තිබූ විදුලිබලය සියලූම ඉංජිනේරුවන් හා අනෙකුත් සේවකයන් එක්ව සවස් වන විට සාමාන්‍ය අතට පත් කළ බවද ඒ මහතා කීය.

කොත්මලේ – බියගම දක්වා දිවෙන අධිබලැති සම්පේ‍්‍රෂණ මාර්ගයක වූ තාක්‍ෂණික දෝෂයක් නිසා විදුලිය බිඳ වැටුණු බවද කුමාරවඩු මහතා පැවසීය. මෙම සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණයක් සිදුවන බැවින් මෙය කඩාකප්පල්කාරී කි‍්‍රයාවක්ද නැද්ද යන්න සොයාගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

ශීරාන් රණසිංහ, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment