විදුලි ඉංජිනේරු වැඩ වර්ජනයෙන් කැනියොන් ඇතුළු බලාගාර රැසක විදුලි උත්පාදනයට බාධා

138

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තිය සමිති කිහිපයක් එක්ව ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු (09 දා) දින අලුයම 3.00 සිට තාවකාලිකව නතර කර ඇති බව එම විදුලි බලාගාර සේවකයෝ පැවසූහ.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් (09) දින අලුයම 3.00 සිට අලුයම 6.00 වන විට කැනියොන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, සමනල, ඉහළ කොත්මලේ සහ කොත්මලේ යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව නතර කර සේවයේ නිරතව සිටි විදුලි ඉංජිනේරුවෝ සේවා ස්ථානවලින් බැහැර වී ඇති බවද එම සේවකයෝ පැවසූහ.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment