විදුලි ඉංජිනේරු වෘත්තීය සටනේ යටි අරමුණු නෑ ; ඉංජිනේරු සංගමයේ සභාපති කුමාරවඩු

206

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරත වන්නේ වැටුප් වැඩි කර ගැනීම හෝ වෙනත් ඉල්ලීම් සඳහා නොවන බවත් තම එකම ඉල්ලීම රටේ විදුලි ඒකාධිකාරිය රටට ලබාගැනීම බවත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ‘දිවයින’ට ඊයේ (26දා) පැවසීය.

රටේ විදුලි අවශ්‍යතාවය හා එහි ඉදිරි දැක්ම පිළිබඳව වෘත්තිකයන් ලෙස ඉදිරියේ ඇති වන විදුලි සැපයීම එල්. එන්. ජී. හරහා රටට සපයා ගත යුතු බව පෙනී යන නිසා එහි ඒකාධිකාරිය රටට ලබාගැනීමට සංගමයක් ලෙස කටයුතු කරන බව ද ඔහු කීය.

රටට එල්. එන්. ජී. සැපයීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවීමක් කර තිබෙන බවත් එම ටෙන්ඩරයට ඉදිරිපත් නොවී වංචනික ලෙස එල්. එන්. ජී. සැපයීමට ඉදිරිපත් නොවන්නේ ටෙන්ඩරයට ඉදිරිපත් වීමට සුදුසුකම් නොමැතිවීම නිසා බව ද ඔහු පැවසීය.

මෙම සමාගම ගැන අධ්‍යයනය කිරීමේදී දිනෙන් දින බංකොළොත් භාවයට පත්වෙමින් තිබෙන සමාගමක් බව පෙනී යන බවත් එවැනි සමාගමකට රටේ එල්. එන්. ජී. ඒකාධිකාරිය සහ රටේ ආරක්ෂාවට තර්ජනයක් වීමට පෙර එය වළක්වා ගැනීමට ගත හැකි වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් හෝ වැඩ වර්ජනයකට යෑමට එම සංගමය තීරණය කර තිබෙන බවත් ඔහු කීය.

මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා පත්කළ නිලධාරියා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉවත්ව ගොස් ඇති බවත් කුමාරවඩු මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment