විදුලි ඒකකයක් රු. 50 ක් දුප්පතාගෙ බිල රු. 1500ක් වේවි

216
  • විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

ඒකක 30 ට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අයගෙනුත් එක් විදුලි ඒකකයකට රුපියල් පනහ බැගින් අය කිරීමට බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා බලධාරීන්ට උපදෙස් දී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (1 දා) පැවසීය.

කොළඹ දී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

ඒ අනුව තම බිලියන තුන්සිය නමයක් ලංවිමට සොයා ගැනීමට අවශ්‍ය බව කියමින් සමෘද්ධි ලාභීන්ට, අඩු ආදායම් ලාභීන්ට, වතුකරයේ ජනතාවට රුපියල් 8ට දෙන විදුලි ඒකකය සඳහා මෙසේ රුපියල් 50 බැගින් අය කිරීමට කංචන ඇමැතිවරයා උත්සාහ කරන්නේ යැයි ධම්මික මහතා කීවේය.

ඔහු මෙසේ ද කීවේය.

මෙසේ අය කළොත් ඒකක 30 සීමාවේ අයගෙ විදුලි බිල රුපියල් 1500ක් පමණ වෙනවා. ඒකක 60ක් භාවිතා කරන අයගෙ බිල රුපියල් තුන්දාහක් පමණ වේවි. ඒකක 100 පාවිච්චි කරන මධ්‍යම පාන්තික අයකුගේ විදුලි බිල රුපියල් අටදහසට වැඩි වේවි.

මේක ජනතාව ගසාකෑමක්. මීට එරෙහිව අපි විදුලි බිල් නොගෙවීමේ දැවැන්ත ජාතික සටන ආරම්භ කරනවා. ගොවියන්, කම්කරුවන්, වතුකරයේ ජනතාව, විදුලි කාර්මිකයන් ඇතුළත් වන හැට නම ලක්ෂයක් වන විදුලි පාරිභෝගිකයන් මේ සටන සඳහා එකතු කර ගන්නවා. ඊට පෙර කංචන ඇමැතිවරයා වහාම ජනතාවගෙන් සමාවගත යුතුයි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment