විදුලි කප්පාදුවට  එරෙහිව විදුලිය පාවිච්චි කරන්නෝ උද්ඝෝෂණයේ

113

‘විදුලි කප්පාදුවට එරෙහි වෙමු – විදුලි ඉංජිනේරුවන්ගේ කටයුතු ක‍්‍රියා පරදවමු’ යන තේමාව යටතේ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ(23දා) ඇහැලියගොඩ රෝහල් හංදිය අසලදී පැවැත්වුණි.

විදුලි කප්පාදුවට  එරෙහිව විදුලිය පාවිච්චි කරන්නෝ උද්ඝෝෂණයේ

විදුලි ජනන සැලැස්ම ක‍්‍රියාත්මක නොකළ විදුලි ඉංජිනේරුවන් වර්තමාන විදුලි කප්පාදුවට වගකිය යුතු බවත් විදුලි කප්පාදුව නිසා සිදුවන ආර්ථික හානියට ද ඔවුන් වගකිව යුතු බවත් උද්ඝෝෂකයෝ සඳහන් කළහ. මෙහිදී අදහස් දැක්වූ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මෙසේ පැවසීය. අකටයුත්තකට සම්බන්ධ තලාවිටිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරුවකුගේ වැඩ තහනම් කළා.

දැන් කනිෂ්ඨ ඉංජිනේරුවෝ විදුලිබල මණ්ඩලයේ බලධාරීන්ට බලපෑම් කරමින් ඉන්නවා එම නිලධාරියා යළි සේවයේ පිහිටුවන්න කියලා. අපි බලධාරීන්ට කියනවා ඉංජිනේරු මාෆියාවට යට නොවී විදුලි පාරිභෝගිකයා පැත්තෙන් හිතලා වැඩ කරන්න කියලා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment