විදුලි කප්පාදුවෙන් අලි ගම් වදිනවා අපි තව තවත් බැට කනවා

114

* ඡන්දය ඉල්ලගෙන  ගමට එන්න එපා

* රිදීමාලියද්ද  තරුණව්‍යාපාරයේ ගම්මූ කියති

විදුලි කප්පාදුවෙන් අලි ගම් වදිනවා අපි තව තවත් බැට කනවා

බදුල්ල දිස්ත‍්‍රික්කයේ රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ”තරුණ ව්‍යාපාරය’’ නම් ගම්මානයේ වැසියන් බඩ ඉරිඟු  වගාවෙන් ජීවත් වන අතර නිතර ගම්වදින වන අලින් හේතුවෙන් ගම් වැසියන් දැඩි පීඩාවකට පත්ව ඇත. මේ දිනවල සිදුවන විදුලි කප්පාදුවත් සමග වගාවන් වටා ඇද ඇති විදුලි වැටවල් අක‍්‍රිය වීම හේතුවෙන් වන අලින් වගාවන් තුළට පැමිණ දැඩි ලෙස වගාවන්ට හානි සිදුකරන අතර පසුගිය දිනක රාත‍්‍රියේ එලෙස පැමිණි වන අලි රංචුවක් ගම්මානයේ වගාවන් රැුසකට හානි සිදුකර ඇත.

විදුලි කප්පාදුවෙන් අලි ගම් වදිනවා අපි තව තවත් බැට කනවා

ඉතා දුක් මහන්සියෙන් භූගත ළිංවලින් වතුර ඇද, වගා කර තිබූ අක්කර පහක පමණ බඩඉරිඟු හේනක් සම්පූර්ණයෙන්ම වන අලින් විසින් විනාශ කර දමා ඇත. වසරකට එක් වරක් අහස් දියෙන් පමණක් වගා කරන ගොවිතැන මෙසේ වන අලින් විනාශ කරන විට තමන්ට යන එන මං නැති වන බව ගම්වැසියන් පවසයි.

මෙවැනි හානියක් සිදු වූ විට කිසිම නිලධාරියකුගේ ද අවධානය යොමු නොවන බව ඔවුන් පවසන අතර ගම්වැසියන් පසුපස ද වන අලින් එලවාගෙන එන බව ද ගම්වැසියන් පවසන්නේ ගමේ ජීවත් විය නොහැකි බවකි. 69 ලක්ෂයක් ඡුන්දෙ දුන්නේ මේක කරගන්ඩ ද යනුවෙන් ප‍්‍රශ්න කරන ගම්වැසියන් මින් මත්තට මෙම ගම්මානයට කිසිම දේශපාලනඥයකුට එන්ඩ නොදෙන බවත් ඔවුන් පවසයි.

ඔවුන්ගේ ඉල්ලීම වන්නේ හැකි ඉක්මනින් මෙම වන අලි රංචු පලවාහැර විසඳුමක් ලබා දෙන ලෙසත් මෙම හානිවලට වන්දි ලබා දීමට කටයුතු කරන ලෙසත් ය.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment