විදුලි කප්පාදුව අවසන් වන්නේ කවදාද?

167

ලබන වසරේ ජනවාරි මාසය දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ බිඳ වැටී ඇති ජනන යන්ත්‍ර දෙක ඉදිරි සති දෙක තුළ යළි පද්ධතියට එක්කරගත හැකි බවද එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.මේ අතර විදුලි ජනනය සඳහා අවශ්‍ය දෙවන ගල්අඟුරු ඇණවුම වෙනුවෙන් අත්තිකාරම් මුදල් ගෙවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment