විදුලි කප්පාදුව පැය 3කට දික්වෙයි

159

ඉන්ධන හිඟයත් සමඟ දෛනික විදුලි කප්පාදුව අද (27 වැනිදා) සිට පැය තුනක් දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබේ.

ඒ අනුව ් සිට ක්‍ දක්වා කලාපවලට හා ඡ සිට උ දක්වා කලාපවලට දිවා කාලයේදී පැයකුත් විනාඩි 40 ක් විදුලිය කපා හරින අතර රාත්‍රි කාලයේ දී පැයකුත් විනාඩි 20 ක් විදුලිය කපා හැරේ. ක්‍ක්‍ කලාපයට අද (27 වැනිදා) සිට ලබන 01 වැනිදා දක්වා පෙරවරු 6.00 සිට පැය දෙකක විදුලි කප්පාදුවක් සහ ඵල භල ධල ඞල ශල ’ යන කලාපවලට පෙරවරු 5.00 සිට පැය තුනක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

තාප බලාගාරවලට අවශ්‍ය ඩීසල්, නැප්තා හා දැවිතෙල් ලබාදීමට නොහැකි වුවහොත් යළිත් දෛනික විදුලි කප්පාදුව පැය හත අට දක්වා වැඩි කිරීමට සිදුවන බව ලං.වි.ම. ඉංජිනේරුවෝ කියා සිටියහ. මේ වන විට ජල විදුලි නිෂ්පාදනය ද ශීඝ්‍රයෙන් පහළ යමින් තිබේ. සපුගස්කන්ද පිරිපහදුව වැසීයෑමත් සමඟ නැප්තා හා දැවිතෙල් නිෂ්පාදනය නතර වී ඇත. ඩීසල් මෙරටට ගෙන්වා ගැනීම පමා වුවහොත් අනිවාර්යයෙන් ම දෛනික විදුලිය කපා හැරීම ක්‍රමයෙන් වැඩි කිරීමට සිදුවන බව ද ඉංජිනේරුවෝ කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment