විදුලි කප්පාදුව වෙනස් වුණොත් අද දන්වනවා

146

නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් නතර කළහොත් දෛනික විදුලි කප්පාදුවේ වෙනසක් සිදුවේ නම් අද (17 දා) දැනුම්දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

අද රජයේ නිවාඩු දිනයක් වීමත් ඊට පසු සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දින වීමත් නිසා දෛනික විදුලි කප්පාදුවේ වෙනසක් සිදුනොවනු ඇතැයි තමා අපේක්‍ෂා කරන බවද යම් හෙයකින් විදුලි කප්පාදුවේ වෙනසක් සිදුවනවා නම් ලබන සඳුදා (20 දා) සිට සිදුවිය හැකි බවද ඒ මහතා කීය.

එම නිසා ලබන සඳුදා වනතෙක් දැනට කෙරෙන ආකාරයෙන් පැය දෙකයි විනාඩි 15ක විදුලි කප්පාදුව සිදුකරගෙන යෑමට අදහස් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment