විදුලි ගාස්තු නැංවීමට නව යෝජනා හදන්න – ඇමැතිගෙන් ලංවීමට උපදෙස්

303

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා නව ගාස්තු ඇතුළත් යෝජනාවක් සකස් කරන ලෙස විදුලිබල ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලිබල මණ්ඩලයට ඊයේ (16 දා) උපදෙස් දී ඇත.

එහිදී විදුලි ඒකක 30ත් 60ත් අතර ප‍්‍රමාණයක් පරිභෝජනය කරන ජනතාව සඳහා සහන සැලසෙන පරිදි නව ගාස්තු සංශෝධන සිදුකරන ලෙස ද ඇමැතිවරිය උපදෙස් දී තිබේ.

විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධව පියවර ගැනීමට ඊයේ (16 දා) විදුලිබල අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡුාවේ දී ඇමැතිවරිය මෙම උපදෙස් ලබාදී ඇත.

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සහ විදුලිබල මණ්ඩලයේ සභාපති ඇතුළු උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡුාව පවත්වා තිබේ.

එහිදී විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා නව ගාස්තු සහිත යෝජනා දෙකක් සකස් කර මෙම සිකුරාදා (18 දා) වනවිට ඇමැතිවරිය වෙත ලබාදෙන බවය.

එම යෝජනා දෙක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර වඩාත් සුදුසු ගාස්තු සංශෝධනය කි‍්‍රයාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව විදුලිබල ඇමැතිවරිය මෙහි දී පවසා ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment