විදුලි ගාස්තු වැඩි කිරීමට යන හැටි

775

ජනවාරි 02 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනාකර තිබේ. මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කරනු ඇති බව වාර්තා වෙයි. විදුලිබල මණ්ඩලය විසින් එම විදුලි ගාස්තු සංශෝධනය ඉදිරිපත් කර ඇත. ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රුපියල් 10 ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජිතය. සෙසු ඒකක සදහා අය කරන ගාස්තු වෙනසක් සිදු කිරීමට යෝජනා කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment