විදුලි ප්‍රතිසංස්කරණ වාර්තාව නාමල් අතට

586

මෙරට විදුලිබල ක්ෂේත්‍රය තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාවට අදාළ ජාතික ප්‍රතිපත්ති අනු කමිටුවේ යෝජනා එළඹෙන දෙසැම්බර් 08 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති නාමල් රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබේ.මෙම වාර්තාව සඳහා කැබිනට් අනුමතිය හිමිව ඇති අතර එය ජාතික ප්‍රතිපත්ති අනුකමිටු යෝජනා ලබා ගැනීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ (29) නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment