විදුලි පාරිභෝගිකයෝ බිල ගැන කියන්න තව සති දෙකක් ඉල්ලති

128

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව මහජන අදහස් විමසීමට තිබූ කාලය සති දෙකක් දීර්ඝ කරන්න ලෙස විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

මේ මස 18 වැනිදාට අවසන් වීමට තිබූ එම කාලය දික් කරන්න යැයි විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා

කොමිෂන් සභාවෙන් එසේ ලිඛිතව ඉල්ලා ඇත . “මෙම කාලය ලබා දී තිබුණේ කලබලකාරී සමයක. ඒ වගේම තැපැල් වැඩ නැහැ, ජනතාව දැනුවත් නැහැ, මේ දිනවල ජනතාවට තියෙන්නේ බඩේ ගින්දරයි. ඒ වගේම ජනතාව ඉන්නේ පෝලිම්වල, මේ පිළිබඳ අධ්‍යයනය කිරීමටත් තොරතුරු සොයා ගැනීමටත් අපහසු කාලයක්. ඒ නිසා අපි තව සති දෙකක් ඉල්ලා සිටිනවා,” යැයි සංජීව ධම්මික මහතා පැවසීය.

අනුරාධ හිරිපිටියගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment