විදුලි බල ඇමැතිගේ ඛනිජ තෙල් පනතට වෙච්ච දේ

309

විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පනත් කෙටුම්පතට වගන්ති කිහිපයක් එක්කර ගැනීම මගින් පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බව යැයි ද සදහන් කළේය.මෙරට තුළ ඉන්ධන සැපයිම සඳහා විදේශ සමාගම් වලට ඉඩ සැලසීම සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment