විදුලි බිඳ වැටීම් 80%ක් හදා අවසන්

32

අයහපත් කාලගුණික තත්ත්වය යටතේ බිඳ වැටී තිබූ විදුලි සැපයුම් 80%ක් පමණ මේ වන විට යථාවත් කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ තුනකට වැඩි පිරිසකගේ විදුලි සැපයුම් විසන්ධිව තිබිණි.

කෙසේ වෙතත් විදුලි ඉංජිනේරුවන්ගේ සහ විදුලි සේවක හිඟය මධ්‍යයේ වුවද විදුලි බිඳ වැටීම් යථාවත් කිරීමට පියවර ගත් බවත් ඉදිරි දින කීපයේදී රට පුරා බිඳ වැටීම් යථාවත් කිරීමට පියවර ගන්නා බවත් විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති, ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment