විදුලි බිලට එරෙහිව ජනක උසාවි යයි

55

ඉතා අසාධාරණ ලෙස විදුලිබිල ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති පියවර අභියෝගයට ලක් කරමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් හා පිරිසක් නම් කොට තිබිණි. මීට මාස කිහිපයකට පෙර විදුලිබිල ඉහළ දමා තිබියදීත් යළිත් ඉතා ඉහළ ප්‍රතිශතයකින් මිල ඉහළ දැමීම මගින් රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට නිගමනය කරනා නියෝගයක් නිකුත් කරනා ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment