විදුලි බිලට එරෙහි පෙත්සම විසිවෙයි

62

පසුගිය ජනවාරි 1 වැනිදා සිට විදුලි බිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂක හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණය ඊයේ (17 දා) ප්‍රතික්‍ෂේප කළේය.

එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. කැබිනට් මණ්ඩලයට සුදුසු යැයි හැඟුණ විටකදී විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවට නියෝග කළ හැකි පරිදි පවතින අණ පනත් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණයද පෙත්සම්කරුවන් එමඟින් අභියෝගයට ලක්කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment