විදුලි බිලෙන් බේරෙන්න සවස 6.30 ට නින්දට යමු….

99

විපක්ෂයට නැති අදහසක් නෝමන්ගේ ගෙදරින්

“ඔයා වැඩක්ද”

“ඔව්…. ඉටිපන්දම් 25 බල්බ් එකක් හයිකරන්න යනවා”

“මීට පස්සෙ නම් ඔය වගේ බල්බ් ගෙදරට ඕනෑ නැහැ. මේ මිනිස්සු ඔන්න ආයෙත් ලයිට් බිල වැඩි කරන්න හදනවා. අපිට ඔය එක එකාගේ පම්පෝරි කතා අහන්න ඕනෑ නැහැ”

බිරිඳ දිගින් දිගටම එසේ කතා කළේ පාර්ලිමේන්තු අයවැය විවාදය වගේය

“මීට පස්සෙ ගෙදර ලයිට් පත්තු කරන්න එපා.”

“ටී. වී. එක කාටහරි විකුණන්න. ඕවා දැන් පලක් නැහැ.”

“සෑම ගේකම පවුල්වල උදවිය මොවුන්ගේ කෙහෙල්මල් විදුලිය වර්ජනය කරලා. සවස 6.30 ට කෑම බීම අරගෙන නිදාගන්න ඕනෑ. එතකොට ඔය ලයිට්වලින් ආණ්ඩුවේ කට්ටිය හම්බ කරලා ඉවරයි.”

බිරිඳ ගෙනාවේ ඉතාමත් වැදගත්ම යෝජනාවකි. විපක්ෂයේ කට්ටියට තවම ඔය වගේ අදහසක් ඇවිත් නැහැ.

“අපි ලයිට් වෙනුවට කුප්පි ලාම්පු පත්තු කරමු. එතකොට අපි අතීතයට ආයෙත් යනවා. මම කීවෙමි.

“කෙහෙල්මල ඔහේ කිව්වොත් කියන්නේ මෝඩ කතාවක්. ඇයි මනුස්සයෝ භූමිතෙල් වෙනුවට කුප්පි ලාම්පු පත්තු කරන්නේ ඩීසල් දාල ද, බිරිඳ කීවාය.

“මම අනන්තවත් කිව්වා ලයිට් එකක් තියෙන විදුලි කණුවක් ළග ගේ

හදාගන්න කියලා දැන් කොහොමද?”

ලයිට් බිල වැඩි කරන්න යන ඔය කවුරු කවුරුත් පදිංචි වෙලා ඉන්නේ ලයිට් කණු ළඟයි.

“මගේ තීන්දු තීරණය වෙනස් කරන්නේ නැහැ.”

“මීට පස්සෙ රෑ කෑම කන්නේ හරියටම සවස

6.30 ටයි. තේරුණාද”

“ඊට පස්සෙ ගේට්ටුවට දොරට කවුරු තට්ටු කළත් දොර අරින්න එපා. ආයෙත් අවදිවෙන්නේ පාන්දර හයටයි. තේරුණාද”

“ඔය කියන විදිහට ලයිට් බිල වැඩි කළහොත් ගෙදරට පොල් ගෙඩියක් ගන්න සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. ”

“ඔක්කෝම සල්ලිවලින් බිල් ගෙව්වාම පවුල පිටින්ම යන්න ඕනෑ කනත්තේ පදිංචියට”

“අපි දන්න කාලෙ ඉඳලා විදුලිය පාඩුයි, දුම්රිය පාඩුයි, ජල මණ්ඩලය පාඩුයි, ඉන්ධන පාඩුයි, ගෑස් පාඩුයි. මේ මිනිස්සු හිතනවා ඇති අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා.”

යකඩ බඩු මිලට ගන්නා වාහනයකින් හඬත් ඇසේ. කැඩිච්ච ෆ්‍රිජ් ගන්නවා, රෙදි සෝදන යන්ත්‍ර ගන්නවා බිරිඳ වෑන් එක ළඟට ගියාය.

“ඔය කියන දේවල් ඔක්කොම අපේ ගෙදර තියෙනවා.”

“අපේ ලොරිය ඔක්කොම අලුත් විදුලි භාණ්ඩවලින් පිරිල තියෙනවා. ඔය ටී. වී. එක විතරක් දෙන්න අපි මේ ලෝඩ් එක දාලා ආපසු එනවා.”

“ලයිට් කපන හින්දා ඔක්කොම ගෙවල්වල මිනිස්සු ඉතා වටිනා විදුලි භාණ්ඩ දැන් කිලෝ ගාණට දෙනවා කියමින් ටී. වී. එක වෙනුවට ඔහු අපට ප්ලාස්ටික් බේසමක් දුන්නේය.

“මහත්මයා රේඩියෝ එකක් තිබුණොත් ඒකත් ලෑස්ති කරලා තියන්න, අපි ආපසු එන්නම්”’ යකඩ වෙළෙන්දා කීවේය.

රේඩියෝ එකක් තියෙනවා. ඒක කරන්ට් එක නැතිව වැඩ කරනවා කියමින් මම බිරිඳ දෙස බැලුවෙමි.

මම හින්දා තමයි ඔය තීරණය ගත්තේ. තැනි නම් අපි හැමදාම මේගොල්ලෝ කියන කියන විදිහට බිල වැඩි කරනකොට අපි ගෙවන්න ඕනෑ.

ආණ්ඩුවට හොඳ පාඩමක් බිත්තර, හාල්, කිරිපිටිත් අපි ගන්නේ නැතිව ඉන්නකොට ඒවා නොමිලේවත් දෙන්න බැරි වෙනවා. විපක්ෂයේ මහත්වරුන්ට ඔය ටික තේරෙන්නේ නැහැ.

“අරයා එපා, මෙයා එපා කියලා පෙත්සම් ගහනවාට වඩා හොඳ නැද්ද හැමදාම සවස 6.30 ට ගෙවල්වල දොර ජනේල වහගෙන නින්දට ගියොත්. විපක්ෂයටත් අපි උගන්වන්න ඕනෑ.

එතකොට ඔය ආණ්ඩුවේ කාගෙ කාගෙත් කටවල් වැහෙයි, බිරිඳ කීවාය.

විකාර…. විපක්ෂය කැමති නැහැ ඒ අදහසට එතකොට එයාලට කැමරාවලට ඇවිත් මාධ්‍ය සාකච්ඡා තියන්න ලැබෙන්නේ නැහැ. සෑම ගේකම විදුලි භාණ්ඩ විකුණනවාටත් ඒගොල්ලො ප්‍රසිද්ධිය නැතිවෙයි කියලා බයට ඒකට ඉඩ දෙන්නේ නැහැ.

අර ගැමුණු මහත්මයා බස් ගාස්තුව අඩු කරන්න කැමැති නැහැ. ඒගොල්ලොත් හදන්නේ අපේ තුට්ටු දෙකට වැඩක් දෙන්න. ඩීසල් ගාස්තුව රුපියල් දහයකින් වැඩි කළොත් ඒගොල්ලෝ කවුරු කවුරුත් ගණන් උත්සනවා බිරිඳ කීවා.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment