විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව  සජබ මැතිසබය ඉදිරිපිට විරෝධතාවේ

54

විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරු ඊයේ (29දා) පෙරවරුවේ පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක් දැක්වූහ.

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව  සජබ මැතිසබය ඉදිරිපිට විරෝධතාවේ

‘දූෂණය නවතනු – විදුලි බිල අඩු කරනු’ සහ ‘විදුලි බිල අහසට මුළු රටම අඳුරට’ යන සටන් පාඨ සහිත බැනර් දෙකක් ප්‍රදර්ශනය කරමින් සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමට පෙර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජයන්තිපුර ප්‍රධාන පිවිසුම දොරටුව ඉදිරිපිටදී මෙම විරෝධතාවේ නිරත වූහ.

විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ළිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාර මගඩිය හරහා හිමිවන ඩොලර් බෙදා ගැනීමටදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම විරෝධතාවෙන් පසුව මාධ්‍ය හමුවේ පැවසීය.

ජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදීත්, මෙවැනි මගඩිවලින් තවදුරටත් රට ප්‍රපාතයට ඇද දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන්ගේ නෑදෑයන්ගේ පක්ෂයට හෝ ඔවුන්ගේ නෑදෑයන්ගේ මාධ්‍යවලට මේවා නොපෙනෙන බව ද පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment