විදුලි බිල උඩයන හැටි  හෙට එළියට

165

ඉහළ දමන විදුලි බිල ගාස්තු හෙට (09 දා) ප්‍රකාශයට පත්කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරමින් සිටී.

ඉහළ දමන විදුලි බිලෙන් අඩුආදායම්ලාභීන්ට සහනයක් ලබාදීම සඳහා මහජන උපයෝගීතා කොමිසම රුපියල් මිලියන 65 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබූ අතර එම මුදල නොලැබෙන තත්ත්වයක් උදාවී ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. විදුලි බිල වැඩිවීම සියයට 50 ත් 75 ත් අතර වියහැකි බවද එම ආරංචි මාර්ග තවදුරටත් පැවැසීය. මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කරන මිල ගණන් ඉහළයන දිනය සඳහන් කරන බවත් එම දිනයේ සිට ගාස්තු ඉහළයෑම සිදුවන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment