විදුලි බිල උස්සනවාට විරුද්ධයි – විදුලි ඉංජිනේරු සංගමය

149

මේ මොහොතේ විදුලි ගාස්තු නැවතත් ඉහළ දමා ජනතාව පීඩනයට පත්කළ යුතු නැතැයි ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

ඉකුත් අගෝස්තු මස 10 වැනිදා විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමූ බවත් ජනතාවට එම විදුලිබිල පවා ගෙවාගත නොහැකිව සිටින මොහොතක යළිත් වතාවක් සියයට අසූවකින්ම ගාස්තු වැඩි කිරීමට යෑම අනුමත නොකරන බවත් ඒ මහතා කීය. 2016 වසරේ දී විදුලි

ගාස්තුව සියයට 5 කින් වැඩිකරන ලෙස ඉල්ලුවත් ඊට ඇහුම්කම් නොදී 2022 දී සියයට 75 කින් ගාස්තු ඉහළ දැමූ බවද ඒ මහතා කීය. 2021 විදුලි ගාස්තු ඉහළ දැමුවේ නම් එය වැඩි වන්නේ සියයට 25 කින් පමණකැයි ද වීරරත්න මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ පාඩුවට හේතුව පාරිභෝගිකයන් නොවන නිසා ඊට ආණ්ඩුව විකල්ප ක්‍රම සොයාගත යුතු බවද ඒ මහතා කීය.

විදුලිබල මණ්ඩලයේ සේවය කරන තමන්ද රාත්‍රියේ නිවසට යන බවත් මේ විදුලි බිල දරාගත නොහැකි ජනතාව ලයිට් නිවනවා පමණක් නොව හෙට අනිද්දාට පාරට ඒමට හැකියාව ඇති බවත් වීරරත්න මහතා පැවසීය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment