විදුලි බිල ගැන තීන්දුව 28 වැනිදා – ජනක රත්නායක කියයි

61

විදුලි බිල වැඩි කිරීම පිළිබඳව සියලු අදහස් සැලකිල්ලට ගෙන ලබන 28 වැනිදා තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා දිවයිනට පැවසීය.

සියයට හැටක ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කිරීමට අදහස් කිරීම තුළින් ජනතාවට අසාධාරණයක් නොවන බවද සභාපතිවරයා කීය. වසර අටකට පසු මෙම විදුලි බිල වැඩි කිරීමට පියවර ගැනීම අසාධාරණයක් වෙන්නේ කෙසේදැයි කියා හෙතෙම ප්‍රශ්න කළේය.

ඒ මහතා මෙසේද පැවසීය. මෙම බිල වැඩිකිරීම පිළිබඳව අසුබවාදීව හිතන්න එපා. බස් ගාස්තු පාන් මිල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිගට හරහට වැඩි කරනවා කවුද ඒවාවලට එරෙහිව කතා කරන්නේ. මේ ආකාරයට රුපියල් දසදහසක පමණ ප්‍රමහාණයකට මිල ඉහළ ගිහින් තිබෙනවා යැයිද කීය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment