විදුලි බිල ගැන මහනාහිමිවරුන් ගෙන් ජනපතිට ලිපියක්

215

ආගමික සිද්ධස්ථාන සඳහා මෙතෙක් ලබාදී තිබූ විදුලි ගාස්තු සහනය ඉවත් කිරීම නිසා බොහෝ ආගමික සිද්ධස්ථාන චිරාත් කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ආගමික සම්ප්‍රදායන් නතර කිරීමට සිදුව ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමි වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර සිටිති.එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර සූර්ය බලශක්ති වැනි විකල්ප බලශක්ති පහසුකම් ආගමික සිද්ධස්ථාන සඳහා ලබාදෙන ලෙස ද ඉල්ලා සිටිති.මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බොටුවාවේ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඤාණරතන, අමරපුර මහා නිකායේ මහ නායක දොඩම්පහල චන්දසිරි, ශ්‍රීලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක මකුලෑවේ විමල් යන ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment