විදුලි බිල වැඩිකිරීමට නීතිපතිගෙන් අහන එක ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් !

97

විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම, නීතිපතිවරයාගෙන් කරුණු විමසීම නොව මහජනතාවගෙන් කරුණු විමසීමක් කළයුතු යැයි අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවැසීය.

මහජන උපයෝගිතා කොමිසම යනු ස්වාධීන තීරණ ගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන ස්වාධීන කොමිසමක් බවත්, නීතිපතිවරයා යනු රජයේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින අයකු බවත් සමරසිංහ මහතා කීය.

“රටේ මිනිස්සු ජීවත්වෙන්න බැරිව, දරුවන්ට පාසල් පොත්ටික ගන්න බැරිව, ආර්ථික පීඩාවට පත්ව සිටින මේ අවස්ථාවේ විදුලි බිල වැඩි කිරීම කෙසේවත් අනුමත කරන්න බෑ” යැයි ඔහු කීය. දැනටද පවතින විදුලි බිල වැඩි නිසා කර්මාන්තශාලා වැසීගොස් සේවකයන් ලක්‍ෂ ගණනකට රැකියා අහිමි වී ඇති බවත් තවත් විදුලි බිල වැඩිකළහොත් දැනට ඉතිරිව පවතින ආයතන ටික ද වැසීයනු ඇති බවත් ඔහු කීය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේවත් විදුලිය ලබාදීමට නොහැකිව සිටින මෙම ආණ්ඩුවට නැවත වරක් විදුලි බිල වැඩිකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම ද නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට යෑමෙන් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට යනවාද යන සැකයක් මතුවන බවද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment