විදුලි බිල වැඩි කරන්න පෙර පාර්ලිමේන්තු විවාදයක් දෙන්න – ලක්‍ෂ්මන් කිරිඇල්ල

112

විදුලි බිල වැඩි කිරීමට පෙර පාර්ලිමේන්තුවේ විවාදයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දින ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

එහිදී හෙතෙම මෙසේද කීය.

ඇත්ත වශයෙන්ම විදුලි බිල සම්බන්ධයෙන් අපිට විවාදයක් ඕනේ. මොකද ජනතාව විදුලි පුටුවට යවලා තියෙන්නේ. ඒ කාලේ ආණ්ඩුව කිව්වේ නායකයන් විදුලි පුටුවට යවන්න හදනවා කියලා. නමුත් අද ජනතාවගේ විදුලි බිල 75%කින් වැඩි වෙලා. සමහර බිල් 125%කින් පමණ වැඩි වෙලා. ජනතාවට මෙහෙම ජීවත් වෙන්න පුළුවන් ද කථානායකතුමා. එම නිසා අපි ඉල්ලීමක් කරනවා විදුලි බිල වැඩි කරන්න කලින් පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා දෙන්න කියලා.

ඇමැති කංචන විජේසේකර මහතා – ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් හෝ විවාදයක් අවශ්‍ය නම් ඒක දෙන්න පුළුවන්.

කථානායක – අපි ඒක පක්ෂ නායක සාකච්ඡාවේදී තීරණය කරමු.

චමින්ද විජේසිරි මහතා – විදුලි බල සංශෝධන පනත පසුගියදා ගේන කොට කිව්වේ විදුලි බිල වැඩි කරන්නේ නෑ කියලා. මේ නොමග යැවීමක්. හැමදාම බොරු කියනවා. විවාදයක් තියලා මිල වැඩි කළත් වැඩක් නෑ.

ඇමැති කංචන විජේසේකර මහතා –

විදුලි බල සංශෝධන පනතයි විදුලි බිල වැඩි කිරීමයි අතර සම්බන්ධයක් නෑ. පනත ගෙනාවේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න. ඔබතුමාලා ඒකට සහයෝගය දුන්නෙත් නෑ. දැන් බොරුවට මෙතන කෑ ගහනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment