විදුලි බිල වැඩි කළ යුතු යැයි ජනපති කියයි

196


2013 වසරේ සිට මේ දක්වා රු බිලියන 300ක අලාභයක් විදුලිබල මණ්ඩලය ලබා ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ අනුව විදුලි බිල යළි වැඩි කළයුතුව ඇතැයිද කීවේය.

අපි අගෝස්තු මාසයේ වැඩි කළා. ඒක මදි. දැන් බිලියන 151 අලාභයයක් ලැබෙන්න තියෙනවා. එන අවුරුද්දේ නියඟයක් තිබුණොත් අපිට අවශ්‍යයි වැඩිපුර රුපියල් බිලියන 420ක්. සාමාන්‍යයෙන් වර්ෂාව ලැබුණොත් බිලියන 352ක්. වර්ෂාව ලැබිලා ගංවතුර තිබුණොත් රු බිලියන 295ක්. අපි මේවා කොහොමද හොයා ගන්නේ.ආණ්ඩුවට ආදායමක් නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment