විදුලි බිල වැඩි කිරීම නිසා බේකරි කෑම මිල ඉහළ දැමීමට සිදුවෙනවා

70

විදුලි බිල අධික ලෙස වැඩි කිරීමට ගත් තීන්දුවත් සමග බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලව ඇති බවත් මේ නිසා අකැමැත්තෙන් හෝ බේකරි කෑම වර්ගවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් දකුණු පළාත් කුඩා සහ මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පවසයි.

ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය. විදුලි බිල අධික ලෙස ඉහළ දැමීම නිසා බේකරි කෑම නිෂ්පාදනය කිරීමේ සිට අලෙවිකරණය තෙක් මෙම කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව කමල් පෙරේරා මහතා පෙන්වා දුන්නේය. තවදුරටත් අදහස් දැක්වූ ඔහු,

බේකරි කර්මාන්තයට හා සාමාන්‍ය ජන ජීවිතයට විදුලිය අත්‍යවශ්‍ය දෙයක්. විදුලි බිල මේ අයුරින් ඉහළ ගියවිට බේකරි කර්මාන්තයේ පිටි ටික අනන තැන සිට පාන් ටික පුච්චලා කෑම ටික හදලා අලෙවි සලේ අලෙවිකරණය තෙක් විදුලිය අත්‍යවශ්‍ය වෙනවා. බේකරි නිෂ්පාදනයට මෙන්ම අලෙවි කිරීමට සියයට සියයක් විදුලිය අවශ්‍ය වෙනවා. මේ නිසා කොහොමද අපි බේකරි කර්මාන්තය කරගෙන යන්නේ. පසුගිය දිනවල ගෑස් මිල හොර රහසේම වැඩි කළා. පාරිභෝගිකයින්ට මේ බර දරන්න බැරි නිසා බේකරි කෑමවල මිල ඉහළ දැම්මේ නැහැ. විදුලි බිලත් දරාගන්න බැරි විදියට ඉහළ දැමූවිට අපි කොහොමද මේ කර්මාන්තය කරගෙන යන්නේ. පාරිභෝගිකයාට අවශ්‍ය කෑම ටික හදලා අපි කොහොමද පාරිභෝගිකයින්ට ලබා දෙන්නේ. මේ නිසා අකැමැත්තෙන් හෝ බේකරි කෑම වර්ගවල මිල ඉහළ දැමීමට සිදුවනවා.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment