විදුලි බිල වැඩි වීමෙන් තේ කර්මාන්තය වළපල්ලට

163

විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් තේ කර්මාන්තය දැඩි බලපෑමකට ලක්ව ඇති බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය පෙන්වා දෙයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ කියා සිටින එම සම්මේලනය දරාගත නොහැකි විදුලි බිල හා පොහොර හිඟය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ රජයේ අවධානය යොමු කිරීමට අදහස් කරන බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ තේ කර්මාන්තශාලා හිමි කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ සාමාජික ගුණසෝම වනිගසේකර මහතා

“1999 පසුව අඩුම තේ අස්වැන්න හා නිෂ්පාදනය මේ වසරේ වාර්තා වෙනවා. අවුරුදු 30කට 35කට පස්සේ ලංකාවේ අඩුම තේ නිෂ්පාදනයේ පෙරමඟ ලකුණු ලැබෙන බවට පේන්න තියෙනවා. අනික් පැත්තෙන් අපේ විදුලි බිල සීයට එකසිය විස්සකින් එකසිය තිහකින් වැඩිවෙලා තියෙනවා. එතකොට වෙන්නේ මොකක්ද? හැමෝම කතාවෙන්නෙ තේ මිල වැඩි වුණා. ඉතිහාසගත මිලක් ලැබුණා. නමුත් ඒ ලැබුණු ඉතිහාසගත මිලෙන් වැඩක් වේද. එක පැත්තකින් අවුරුදු 30කට තිස් පහකට පස්සේ ලැබෙන අඩුම තේ නිෂ්පාදනය. ඉහළම විදුලි බිල. සේවක වැටුප් ඇතුළු කරුණු

ගණනාවක්. මොකක්ද මේ කියන්නේ. මේ මිල වැඩිවීම එහෙම්පිටින්ම මුලාවක්. මේකෙන් ලැබෙන දෙයක් නෑ. මේ තත්ත්වය තවදුරටත් ගියොත් මට පේනවා මේ තේ කර්මාන්තශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක්. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. රජයේ බලධාරීන්ගේ අවධානය ඉක්මනින්ම යොමු යොමුවිය යුතුයි.

සමන් උපුල් පිනිදිය – අකරැස්ස

advertistmentadvertistment
advertistmentadvertistment