විදුලි මහපුටු දැල්වෙයි – ජනතාව අඳුරේ දැවෙයි

533

ඉකුත් වසර හතක කාලයේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි හතළිස් දහසක පමණ පාඩුවක් ලැබීමට හේතුව ආයතනයේ වංචා, දූෂණ, එසේත් නැතිනම් සේවක වැටුප් දීමනා හා.අකාර්යක්‍ෂතාව දැයි සෙවීම සඳහා වහාම සේවක කාර්ය සාධනයක් හා විiාත්මක විගණනයක් සිදු කළ යුතු යැයි ලංවීම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා “දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය.මේ වනවිට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් මසකට ලබන වැටුප් යහා දීමනා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි කථා බමහට ලක්ව ඇතැයි ද විදුලිබල මණ්ඩලයේ මේ සා විශාල පාඩුවට සැබෑ හේතුව දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙන්නේ යැයි ද ඒ මහතා කීය.ඉකුත් වසරක කාලයේ දී පමණක් විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි දස දහසක පමණ වාඩුවක් ලබා ඇත්තේ වැඩි වියදම් සහිත විදුලි බලාගාර නිසා නම් අඩු වියදම් බලාගාර ඉදි නොකළේ කවුරුන්ද යන්නත් හා ඊට වගකිවයුතු පාර්ශ්ව රටයට හෙළි කළ යුතු බවද ඒ මහතා කීය.

2019 වසරේ අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවක්ද නොතකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සියයට 130කින් ඔවුනගේ මූලික වැටුප ඉහළ දමාගත් බවත් ඇතැම් අය තනතුරු මත විවිධ දීමනා වරප්‍රසාද ලබාගනිමින් සිටින්නේ රාජ්‍ය ප්‍රතිපත්ති ද නොතකා හරිමින් බවත් නිශාන්ත මහතා කියා සිටියේය.විදුලිබල මණ්ිඩලයේ නිලධාරීන්ට සියයට 65කට වඩා දීමනා හා වරප්‍රසාද ලබාගැනීමට නොහැකි වුවත් ඇතැම් උසස් නිලධාරීන් අති විශාල දීමනා ලබාගන්නා බව හෙළිවී ඇතැයි ද ඒ මහතා කීය.වැඩි මිලට නිපදවන විදුලි ඒකක, ඊට වඩා අඩු මිලකට පාරිභෝගිකයන්ට විකිණීම නිසා මණ්ඩලය වසර හතකදී කෝටි හතළිස් දහසක් පාඩු ලැබුවේද යන්න සෙවීමට හැකි බවද ඒ මහතා පැවසීය.

එනිසා විදුලිබල මණ්ඩලයේ සිටින විසිපන්දහසක් පමණ වන සේවක පිරිස පිළිබඳ කාර්ය සාධකයක් කර විiාත්මක විගණනයක් මගින් මණ්ඩලයේ සැබෑ පාඩුවට හේතුව සොයා ඊට වගකිවයුතු නිලධාරීන් සිටීනම් ඔවුනට එරෙහිව පියවර ගතයුතු බවද ඒ මහතා කීය.මණ්ඩලයේ සේවකයන්ට 2014 දක්වා ජීවන අංකයට අදාළව වැටුප් වැඩිවීමක් ක්‍රියාත්මක කළත් 2015 දී එය අහෝසි කොට වසර තුනකට වරක් වැටුප් වැඩිවන ක්‍රමවේදයකට සාමූහික ගිවිසුමක් අත්සන් කළ බවද ඒ මහතා කීය. මෙනිසා ආයතනයේ පහළ හා ඉහළ සේවකයන් අතර විශාල වැටුප් විෂමතාවක් නිර්මාණය වූ බවද ඔහු සඳහන් කළේය.

අඩු වියදම් සහිත බලාගාර ඉදි නොකිරීමට විදුලි පාරිභෝගිකයන් වගකිවයුතු නැති බවත් මේ මොහොතේ සියයට තුන්සියයක් විදුලි ගාස්තු ඉහළ දමා ආයතනයේ වැරදි කළමනාකරණය ජනතාව මත පැටවීම නොකළ යුතු බවත් නිශාන්ත මහතා කීය.ඒ ඒ ආණ්ඩු ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පුනර්ජනනීය බලාගාර ඉදි නොකර විදුලිබල මණ්ඩලය විනාශ වූ පසු ඒ පව් ජනතාව මත දැමීම අනුමත කළ නොහැකි බවද කී නිශාන්ත මහතා විදුලි පාරිභෝගික ජනතාව වෙනුවෙන් දිවා රෑ කටයුතු කරන විදුලි සේවකයන්ට වඩා ඉහළ නිලධාරින්ගේ අකර්යක්‍ෂමතාව මේ තත්ත්වයට හේතු වී ඇතැයි ද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment