විදුලි වැටක් ඇද වන අලියකු මැරූ ඉඩම් හිමියා අත්අඩංගුවට

160

අරලගංවිල, අලවාකුඹුර මහ විදුහල ආසන්නයේ ගෙවත්තක ආරක්ෂාව සඳහා ඇද තිබූ විදුලි වැටක ගැටී ඊයේ (26 දා) අලූයම වන අලියෙකු මියගොස් ඇත.

මියගිය අලියා වයස අවුරුදු 25 ක් පමණ වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සඳහන් කළහ. ගෙවත්ත වටා ප‍්‍රමිතියෙන් තොර විදුලිවැට ඇද තිබූ ඉඩම් හිමි පුද්ගලයා ඊයේ (26 දා) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මනම්පිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිත බව වෙහෙරගල සහකාර අඩවි ආරක්ෂක ආර් ආර් ශාන්ත මහතා පැවසීය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සඳහන් කළහ.

දිඹුලාගල – ප‍්‍රසන්න සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment