විදුලි සැපයුම වැටඋඩ: බලාගාරයක් ලෙඩක් දුන්නොත් කප්පාදුව ක්ෂණිකව

147

මෙරට දෛනික විදුලි ඉල්ලූම මෙගාවොට් 2630 ලබාදෙන්නේ ඉතා අසීරුතාවෙන් බැවින් දැනට කි‍්‍රයාත්මක යම්කිසි එකදු බලාගාරයක හෝ දෝෂයක් මතුවුවහොත් එතැන් පටන් රටේ විදුලි කප්පාදුවක් ක්‍ෂණිකව සිදුවිය හැකි යැයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

ඉකුත් සති කිහිපයේදී මෙරට සියලූ බලාගාර එකදිගටම කි‍්‍රයාත්මක කරමින් රටේ දෛනික විදුලි අවශ්‍යතා පිරිමසන බැවින් ඕනෑම මොහොතක මෙම යන්ත‍්‍රය අකි‍්‍රයවීමට හැකි බවද ලංවිම ඉංජිනේරුවරු කියා සිටිති.

කැලණිතිස්ස බලාගාර පරිශ‍්‍රයට හා සපුගස්කන්ද

බලාගාරයට ඉන්ධන ලබාදී තිබුණත් විදුලි සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවට පාරිභෝගිකයන්ට සහතික විය නොහැකි යැයි ද පාලනාධිකාරිය කියා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment