විදුලි සේවකයෝ ලෙඩ වෙලා

148

විදුලි සේවකයින් අද (27) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණුවලට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ සඳහන් කළේය.

එමෙන්ම අද දිනයේ ලංකාව පුරා විදුලි සේවකයන් කොළඹට පැමිණ විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කීය.

advertistmentadvertistment
advertistmentadvertistment