විදුලි සේවකයෝ වර්ජනයකට සැරසෙති

114

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් අමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමට එරෙහිව වර්ජන ක‍්‍රියාමාර්ගයකට යැමට සිදුවන බව විදුලිබල වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

රජය මේ සම්බන්ධයෙන් වහා කටයුතු නොකළහොත් අවසන් ක‍්‍රියා මාර්ගය ලෙස දැවැන්ත වැඩවර්ජනයකට යොමු වන බවත් එසේ නොවන්න කටයුතු කිරීම රජයේ වගකීමක් බවත් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා කීවේය.

ඇමරිකානු පුරවැසියන් දෙදෙනකු ගනු ලැබූ මෙම තීන්දුව ඉදිරියේදී රටට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බවත් අප රට භූ දේශපාලනයේ ගොදුරක් බවට වත්මන් ආණ්ඩුවේ පාලකයන් පත්කර ඇති බවත් ජයලත් මහතා සඳහන් කළේය.

ආණ්ඩුව ගනු ලැබූ මෙම අදූරදර්ශී ක‍්‍රියාමාර්ගය පිළිබඳව ආගමික නායකයන් දේශපාලඥයන්, විද්වතුන්, වෘත්තිකයන්, වෘත්තිය සමිති නායකයන් ඇතුළු රටේ සමස්ත ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවත් කී රන්ජන් ජයලාල් මහතා ඇමරිකා එක්සත්ජනපදය, චීනය සහ ඉන්දියාව අප රටේ ගෙල හිර කරමින් සිටින බවත් කීවේය.

දේශීය සම්පත් රැුක ගන්නේ යැයි පවසමින් බලයට පැමිණි වත්මන් රජය මෙරට විදුලි උත්පාදනයේ පියා ලෙස සැලකෙන ඩබ්ලිව්. ජේ. විමලසුරේන්ද්‍ර මහතාගේ ජන්ම දින දා කෙරවලපිටිය බලාගාරය ඇමරිකානු සමාගමක් වෙත ලබාදීම දෛවයේ සරදමක් බවත් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් පැවැසිය.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා – ඇමෙරිකානු නිව්ෆෝට‍්‍රස් කියන සමාගමට අවශ්‍යතාව තියෙන්නේ බලාගාරයේ සියයට 40 ලබා ගැනීම නොවෙයි. ඒ අයට අවශ්‍යතාව තියෙන්නේ මේ රටට එල්එන්ජී ලබාදීමේ දීර්ඝකාලීන කොන්ත‍්‍රාත්තුව ලබා ගැනීම. ඒක මේ රටේ මෑත කාලීනව සිදුවන ලොකුම බිස්නස් එකක්.

ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment