විදුහල්පතිනියගේ වැඩ තහනම්

988

බණ්ඩාරගම, ගුන්ගමුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් කීපදෙනකුට අමානුෂික ලෙස පහර දී කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ එම පාසලේ විදුහල්පතිනියගේ රාජකාරි නිල වැඩ බන්ධනාගාර ගතව සිටින කාලය තුළ තහනමට ලක් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ශ්‍රීලාල් නෝනිස් මහතා පැවසීය.

මෙලෙස වැඩ තහනමට ලක් කරනු ලැබූවේ එම පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ ජී.අයි.පී.ඊ. රාජි ගම්මන්පිල මහත්මියගේ ය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පසුගිය දෙවැනි දින ලද පැමිණිල්ලක් අනුව විදුහල්පතිනිය ළමා ආරක්ෂක අධිකාරිය වෙත පෙරේදා 8 වැනිදා කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පන්ති කාමරය තුළ දී පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බිය සොරාගත් බව කියන සිද්ධියක් මුල් කරගෙන පහ ශ්‍රේණිය පන්තියේ ඉගෙනුම ලබන සිසුන් නවදෙනකු වරින් වර පුස්තකාලය වෙත ගෙන ගොස් දණගස්වා දෙපාවලට වේවැල්වලින් හා ලී පතුරුවලින් පහර දී ඇති බවත් පසුව සැකකාර විදුහල්පතිනිය මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී පොලිස් නිලධාරීන් තුන්දෙනකු පාසලට කැඳවා ඇති බවත් ජාතික ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබිණි.

පසුව පොලිස් නිලධාරීන් තිදෙනකු පාසල වෙත ජීප් රථයකින් පැමිණීමෙන් අනතුරුව සිසුන් දෙදෙනකු පොලිස් නිලධාරීන්ට භාර දී ඇති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා තිබිණි.
මින්ද සිල්වා, කැස්බෑව බිමල් ජයසිංහ

අපේ විදුහල්පතිනිය අපට ඕනෑ’ ගුංගමුව කනිෂ්ඨයේ දෙමාපියෝ උද්ඝෝෂණයේ

විදුහල්පතිනියගේ වැඩ තහනම්

ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් තිදෙනකුට පහර දී කෲර වධ හිංසාවට ලක්කළා යැයි කියන සිද්ධියට සම්බන්ධ විදුහල්පතිනියට පක්ෂපාතීව

ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (09දා) එම විiාලයීය දෙමවුපිය එකමුතුව විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණ. ‘අපේ විදුහල්පතිතුමිය අපට ඕනෑ’ ‘අපේ විදුහල්පතිනිතුමියට සාධාරණය ඉෂ්ට කරන්න’ වැනි පාඨ කියමින් පනහකට ආසන්න පිරිසක් මෙලෙස විරෝධතාවයේ නියැළීමට කටයුතු කළහ.

චන්දන පෙරේරා – ගල්පාත

advertistmentadvertistment
advertistmentadvertistment