විදුහල්පති කාමරය කැඩූ කුඩා හොරු මාට්ටු

240

වස්කඩුවේ පාසලක විදුහල්පතිගේ නිල කාමරයේ දොර කඩා ඇතුල්වී එහි තිබූ සීනුව සහ රුපියල් 85,000 කට ආසන්න පහසුකම් ගාස්තු මුදල් සොරාගත් 12 සහ 14 වියැති කුඩා සොර කල්ලියක තිදෙනකු ඊයේ (26) අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර පොලිසිය සමත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප‍්‍රදේශයේම පදිංචි තිදෙනකු බවද පොලිසිය කියයි. පසුගියදා 25දා උදෑසන එහි විදුහල්පතිනි ගීතා රෝහිණී මහත්මිය කළ පැමිණිල්ලක් අනුව පැය 24 ක් ගතවෙන්නට මත්තෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සොරාගත් මුදලින් රන් පෙන්ඩනයක්, පාපැදියක් සහ රේඩියෝවක් මිලදී ගෙන ඇති අතර, එම භාණ්ඩ හා රුපියල් 40,000 ක මුදලක් සහ පිත්තල සීනුවද සොයාගත් බව පොලිසිය කීය. සැකකරුවන් කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment