විදෙස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්

201

විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විශේෂිත විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

විදේශගත ශ්‍රමිකයන් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම පිළිබද වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වෙමින් පැවති අතර, වහාම එම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඇමැතිවරයා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සහාය ඇතිව මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වා දෙයි.

නීත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ට මෙම විශ්‍රාම වැටුපට හිමිකම්කීමට අවස්ථාව ලැබෙයි.

විදේශගත ශ්‍රමිකයනගේ විශ්‍රාම වැටුපට ශ්‍රමිකයින්ට විදෙස් මුදල්වලින් වාරික ගෙවීමට අවස්ථාව හිමිවේ. විශ්‍රාම වැටුප සඳහා වන දායක්තව මුදල් ගෙවමින් සිටියදී කිසියම් ශ්‍රමිකයෙක් මිය ගියහොත් අදාළ වාරික මුදල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ගෙවනු ලබයි. ඉන්පසුව ප්‍රතිලාභ අදාළ නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ගෙවීමටද කටයුතු කෙරෙනු ඇත.

මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අනුව රුපියල් විසිදහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා වූ විශ්‍රාම වැටුපක් ලබාගැනීමට විදේශ ගත ශ්‍රමිකයන්ට අවස්ථාව හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment