විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් බැංකු හරහාම මුදල් එවන්න – මහ බැංකුවෙන් ඉල්ලීමක්

237

විදේශගත ශ්‍රී ලාංකීය සේවා නියුක්තිකයින් උපයන විදේශ මුදල් බැංකු ක්‍රමය ඇතුළු විධිමත් මාර්ග ඔස්සේ මව් රටට එවමින් සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එම සේවා නියුක්තිකයින්ට ආයාචනය කරයි.

ශ්‍රී ලංකා ආර්ථිකයට මේ දක්වා ඔවුන් ලබාදුන් දායකත්වයට ස්තුතිවන්ත වන අතරම තවදුරටත් එම සහාය ලබාදෙන ලෙස ද මහ බැංකුව ඉල්ලීමක් කරයි.

දැනට රටේ පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ හිඟය සඳහා හේතු වී ඇති විදේශ විනිමය හිඟය මඟහරවා ගැනීමට මේ මොහොතේ විදේශ සේවා නියුක්තිකයින් එවන ප්‍රේෂණ ඉතා වැදගත් වන බව ද මහ බැංකුව කියයි.

හවාලා සහ උන්ඩියල් වැනි අවිධිමත් ක්‍රම බැංකු ජාලයට පරිබාහිරව ක්‍රියාත්මක වන බැවින් එම ක්‍රම ඔස්සේ එවන විදේශ විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට යොදාගත නොහැකි බව ද මහ බැංකුව තවදුරටත් කියා සිටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment