විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදල් බලෙන් රුපියල් කරන කතාව බොරු: මහ බැංකුව කියයි

207

විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදල් බලහත්කාරයෙන් ශ‍්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරෙන බවට පැතිර යන ප‍්‍රචාරය මුළුමනින් ම අසත්‍යයක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ නිසා තම පේ‍්‍රෂණ අතීතයේදී මෙන්ම ශ‍්‍රී ලංකාවේ විදේශ මුදල් ගිණුම්වල නිදහසේ අඛණ්ඩව රඳවා තබා ගැනීමට හෝ ශ‍්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට කිසිදු බාධාවක් නැති බව ද මහ බැංකුව පවසයි.

මේ ගැන කරුණු දක්වන ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙසේ ද පවසයි.

සුරැුකුම් මූල්‍යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෑතකදී ප‍්‍රකාශයට පත් කරන ලද යෝජනා සඳහා වූ ඉල්ලීම මගින් බලපත‍්‍රලාභී බැංකුවලට ලැබීමෙන් පසු විදේශගත ශ‍්‍රමිකයන්ගේ සියලූම පේ‍්‍රෂණ ශ‍්‍රී ලංකා රුපියලට පරිවර්තනය කිරීම අරමුණු කරගෙන ඇති බවට පදනම් විරහිත අනුමානයන් පෞද්ගලික වුවමනාවන් සහිත පාර්ශ්ව විසින් පතුරුවා හරිනු ලැබේ. මේ කටකතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව තරයේ ප‍්‍රකාශයට පත් කරයි.

රජය විසින් ඩොලරයකට ගෙවනු ලබන අතිරේක රුපියල් දෙකක දිරිගැන්වීම යටතේ ශ‍්‍රී ලංකා රුපියල්වලට ස්වෙච්ඡුාවෙන් පරිවර්තනය කරනු ලබන විදේශගත ශ‍්‍රමිකයන්ගේ පේ‍්‍රෂණවලින් සියයට 10 ක් 2021 මැයි 28 දින සිට බලපත‍්‍රලාභී බැංකු විසින් මහ බැංකුවට විකුණනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

දැනටමත් ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබෙමින් පවතින මෙම මූල්‍ය ප‍්‍රවාහය පදනම් කරගෙන සුරැුකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙළකට අවතීර්ණ වීමේ හැකියාව සොයා බැලීමට යෝජනා සඳහා වූ ඉල්ලීම් සිදුකෙරෙන අතර, මෙම සුරැුකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙළ මගින් විදේශගත ශ‍්‍රමිකයන්ගේ පේ‍්‍රෂණ සඳහා කිසිදු බලපෑමක් ඇති නොවේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment