විදෙස් ණය ගැනීම් නොකළොත් ගොඩලු

186

ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමට නම් ඉදිරියේ දී විදේශයන්ගෙන් ණය ගැනීම නවතා දැමිය යුතුව ඇති බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ණය ගෙවීම සඳහා රජයට 2028 වසර වන තෙක් සහන කාලයක් ලැබී ඇති නිසා එම කාලයේ දී ණය ගෙවීමට ඩොලර් අවශ්‍ය නොවන බව ද මහාචාර්යවරයා කියයි. එම නිසා මෙම වාසිදායක තත්ත්වය රටට සුබදායක තත්ත්වයට යොදා ගැනීම සඳහා ඉදිරි වසරවල දී පිටරටවලින් ණය ගැනීම නවතා දැමිය යුතු බව ද හෙතෙම පවසයි. දිගින් දිගටම ඉදිරි වසරවලදීත් පිටරටවලින් ණය ලබා ගැනීමට රජය කටයුතු කළහොත් කල්දැමූ ණය මෙන්ම විදේශීය රටවලින් ලබාගත් එම ණය ද ගෙවීමට සිදුවීමෙන් දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය විය හැකි බව ද මහාචාර්යවරයා පවසයි.

එම නිසා මෙම කාලසීමාවේ දී ණය ගෙවීමට හැකි අයුරින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත යුතුව ඇති බව ද හෙතෙම කියයි.

බාහිර ණය ඩොලර් බිලියන 37ක්, වාණිජමය ණය ඩොලර් බිලියන 14.7ක්, බහුජාතික ආයතනවලින් ලබා ගත් ණය ඩොලර් බිලියන 11.7ක්, ද්විපාර්ශ්විය ණය ඩොලර් බිලියන 10.5ක් ගෙවීමට ඇති බව ද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. මෙකී ණයවලින් ද්විපාර්ශ්විය ණය හා විදේශීය වාණිජමය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යොමු වී ඇති බවත් මේ වන විට මෙරට ඒකපුද්ගල ණය ප්‍රමාණය 1,397,000ක් දක්වා වැඩි වී ඇති බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment