විදෙස් තරුණ යුවළ ගාලු සිරි බලන්න ගිය ති‍්‍රරෝදය වාද්දුවේ දී වෙළෙඳසැලකට කඩාවදී

1161

විදෙස් තරුණ යුවළක් ගමන් ගත් ත‍්‍රිරෝද රථයක් පෙරේදා (03 දා) පස්වරුවේ වාද්දුව ප‍්‍රදේශයේ වෙළඳසැලකට කඩාවැදීමෙන් ති‍්‍රරෝදයට සහ යතුරුපැදියකට හානි සිදුවිය.

ක්‍රොඒෂියාවේ සිට මීට දින කිහිපයකට ඉහත දී ලංකාවට පැමිණ මීගමුවේ නවාතැන්ගෙන ඇති යුවළ ගාල්ලේ සංචාරයකට යමින් සිටිය දී අනතුර සිදුව ඇත.

ත‍්‍රිරෝදය පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කර ඇත. පොහද්දරමුල්ල තැපැල් කාර්යාලය අසලදී විරුද්ධ මංතීරුවට ඇදීගොස් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳ සැළ ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියේ ගැටී ගඩොල් ගොඩක්ද පෙරළාගෙන වෙළඳසැලේ ගේට්ටුවටද හානි කරගෙන ගමන් කරන අයුරු සීසීටීවී කැමරාවක පටිගතව ඇත. වෙළඳසැලට රුපියල් විසිදහසකට අධික දේපළ හානියක් සිදුව තිබූ නමුත්, එහි හිමිකරු වන චමිල සොයිසා මහතාගේ කාරුණිකත්වය මත දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ විදෙස් යුවළ සන්තකයේ තිබූ රුපියල් 12000 ක මුදල අලාභය වෙනුවෙන් ගෙවා පොලිස් පැමිණිල්ලකින් තොරව යුවළ සතුටින් පිටව යන ලදී.

අනතුර සිදුවන මොහොතේ විදෙස් කාන්තාව විසින් ත‍්‍රිරෝද රථය පදවා ඇත. ඇය මාධ්‍යයට පැවසුවේ, ‘‘පාර මත කවුරුන් හෝ හිටියා. ඔහු

බේරගන්න තිරිංග තදකළා. මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් වෙළෙඳ සැලට හානි වුණා. ඒ ගැන කණගාටු වෙනවා’’ යනුවෙනි.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment