විදෙස් මුදල් ජාවාරමකට ගිය දෙදෙනාට වැඩ වරදී

214

රුපියල් එක් කෝටි දස ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැුගෙන යාමට තැත් කළ ,ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද (02* දින අලූ‍යම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත්ත සිල්වා මහතා ප‍්‍රකාශ කළේය .

ඔවුන් අද දින අලූ‍යම 02.55 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයට ප‍්‍රවේශ වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් ගෙනැවිත් තිබූ ගමන් මලූ‍ තුළ ඉතා සූක්ෂම ආකාරයට මෙම යූරෝ 46,000 ක මුදල් තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .

මොවුන් පිළිබඳව දීර්ඝ කාළයක් තිස්සේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ නිරීක්ෂණ සහ විමර්ශන වලින් අනතුරුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මොවුන් කොළඹ ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment