විදෙස් විනිමය හිඟ වීමෙන් පකිස්ථානය  තේ බීම සීමා කිරීමට යයි

321

ලොව විශාලතම තේ කොළ ආනයනය කරන රට වන පකිස්ථානයට පවතින ආර්ථික අර්බුදය හමුවේ තේ කොළ තවදුරටත් ආනයනය කිරීම අසීරු වීම හේතුවෙන් දිනකට පානය කරනු ලබන තේ කෝප්ප සංඛ්‍යාව සීමා කරන ලෙස පකිස්ථාන රජය එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ අනුව පකිස්ථාන ජාතිකයන් දිනකට පානය කරනු ලබන තේ කෝප්ප සංඛ්‍යාව 1-2 අතර සංඛ්‍යාවකින් අඩු කිරීමට පියවර ගත යුතු බව පකිස්ථාන රජය යෝජනා කර තිබේ.

 මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ පකිස්ථානයේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වී තිබීම හේතුවෙන් පකිස්ථානයේ ජනප්‍රියම පානය වන තේ පානය කරන වාර ගණන අඩු කිරීමට ජනතාව පියවර ගතහොත් එමගින් පකිස්ථානයේ විශාල ආනයන බිල කපා හැරීමට හැකි වන බව එරට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වන අහ්සාන් ඉක්බාල් පවසයි. දැනට පකිස්ථානය සතුව ඇති විදේශ විනිමය සංචිත ප්‍රමාණය ප්‍රමාණවත් වනුයේ මාස දෙකකට වඩා අඩු කාලයක් වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා පමණක් බව ඔහු සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment