විදෙස් ශ‍්‍රමිකයන් මෙරටට මුදල් එවීමේදී ලබාදුන් රු.10 දිරිදීමනාව 38 ට නංවයි

357

විදේශගත ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් එතෙරදී උපයන මුදල් මෙරටට එවීමේදී මෙතෙක් ලබා දුන් රුපියල් 10 ක් වූ දිරිදීමනාව රුපියල් 38 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුමැතිය ලබා දෙමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. එළැඹෙන අවුරුදු සමයේදී විගමනික ශ‍්‍රමිකයන් විසින් මෙරටට විදේශ විනිමය එවීම දිරි ගැන්වීම, ඔවුන්ව අගැයුමට ලක් කිරීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වැඩි ප‍්‍රතිලාභ හිමිකර දීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ද ඇමැතිවරයා පැවසීය.

මෙරටට විදේශ විනිමය ලැබෙන ප‍්‍රධාන මූලාශ‍්‍රයක් වන විදේශ රැුකියා ක්‍ෂේත‍්‍රය තුළින් වාර්ෂිකව මෙරටට පේ‍්‍රෂණය කෙරෙන විදේශ විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7-8 ප‍්‍රමාණයකි. කැබිනට් තීරණ දැනුම්දීම ස`දහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (08 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment