විදෙස් සංචාරකයන්ට අවුරුදු උත්සවයක්

79

වසර තුනකට ආසන්න කාලයකට පසු විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයත් සමග සංචාරක හෝටල්වල සංචාරක ආකර්ෂණය සඳහා මේ දිනවල විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි. මාරවිල තල්විල ක්ලබ් ෆාම් බේ හෝටලය (CLUB PALM BAY) සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයක් හෝටල් පරිශ්‍රයේදී 15 වැනි දිනය පුරා පැවැත්විණි.

විදෙස් සංචාරකයන්ට අවුරුදු උත්සවයක්

ප්‍රංශය, ජර්මනිය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල විදෙස් ජාතිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම අවුරුදු උත්සවය සඳහා විවිධ සංස්කෘතිකාංග, පාරම්පරික ජන ක්‍රීඩා සංවිධනය කර තිබූ අතර සංචාරකයන් සඳහා දේශීය ආහාර වර්ගද එක් කර තිබුණි.

අවුරුදු කුමරිය තේරීමේ තරගය කාගේත් සිත් ගත් අංගයක් වූ අතර මෙහිදී රුසියන් කාන්තාවක් අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවාය.

මාරවිල තල්විල ක්ලබ් පාම් බේ (club palm bay) හෝටලයේ සාමාන්‍යධිකාරි ගාමිණී කීර්තිසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණි.
අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment