විදෙස් සංචාරකයන්ට සියලු පුරාවිද්‍යා ස්ථාන නරඹන්න ඔන්ලයින් ටිකට් එකක්

149

ශී‍්‍ර ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන් සඳහා සියලූම පුරාවිද්‍යා ස්ථානයන් නැරඹීමට මාර්ගගත ක‍්‍රමයට එක් ප‍්‍රවේශ පත‍්‍රයක් නිකුත් කිරීමට සංචාරක මණ්ඩලය සමග සාකච්ඡුා කර තීරණයකට එළැඹෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදල ප‍්‍රතිව්‍යූහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව අගමැතිවරයාට පෙරේදා (07 දා) අරලියගහ මන්දිරයේදී භාරදුන් අවස්ථාවේදී අගමැතිවරයා මෙම උපදෙස් දී තිබේ.

එමෙන්ම එම වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් කි‍්‍රයාත්මක කරන ලෙස ද උපදෙස් දී ඇති අගමැතිවරයා, වාර්තාවේ ඇතුළත් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම මගින් මධ්‍යම සංස්කෘතික අරමුදල හා එහි අරමුණු සාක්ෂාත් කර වඩාත් ඵලදායී ආයතනයක් බවට පත් කළ හැකිවනු ඇතැයි ද සඳහන් කර ඇත.

එකම ප‍්‍රදේශයක තිබෙන කෞතුකාගාර කිහිපයක් වෙනුවෙන් ප‍්‍රවේශ පත‍්‍ර කිහිපයක් ලබා ගැනීමට සිදුවීමෙන් දේශීය සංචාරකයන් ද විවිධ අපහසුතාවලට ලක්වන බව පෙන්වාදී ඇති අගමැතිවරයා යම් පුරාවිද්‍යා කලාපයක කෞතුකාගාර සියල්ල ආවාරණය වන පරිදි එක් ප‍්‍රවේශපත‍්‍රයක් සාධාරණ මිලකට හඳුන්වාදෙන ලෙසට උපදෙස් දී තිබේ.

මෙම අවස්ථාවට අගමැති ලේකම් ගාමිණී සෙනරත්, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහා භාරකාර තැන්පත් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, පුරාවිද්‍යා  අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් පුරාවිද්‍යා  මහාචාර්ය ගාමිණී රණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment