විදෙස් සංචාරකයන්ට හෝටල්වලිනුත් මුදල් මාරු කරගන්න පහසුකම්

207

විදේශ සංචාරකයන්ට සංචාරක හෝටල් මගින් ද තම විදේශ මුදල් මාරු කර ගැනීමට ඉදිරියේදී හුවමාරු අනුපාතයක් මහ බැංකුව විසින් හඳුන්වාදීමට නියමිතය.

ඒ අනුව එම අනුපාතයට විදේශ මුදල් ශ‍්‍රී ලංකා රුපියල් ලෙස මාරු කර ගැනීමට විදේශ සංචාරකයන්ට හැකි වේ.

එසේ රැස්කරන විදේශ මුදල් සහ සංචාරක ආයතන මගින් උපයන විදේශ මුදල් දින දෙකතුනක් ඇතුළත බැංකුගත කළ යුතු බව මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

විදේශ මුදල් බැංකුගත කළ විට රටේ විදේශ මුදල් ලැබීම්වලට එම මුදල් ප‍්‍රමාණය එකතු වන බවද කබ්රාල් මහතා කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment