විදෙස් සංචාරකයන් පැමිණීම අඩුවෙයි

287

රටේ පවතින අර්බුද හමුවේ දෛනිකව පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව 4000 සිට 2500 දක්වා අඩුවී ඇතැයි අනාවරණය වී තිබේ. මෙය රටේ ඩොලර් ගැටලූවටද බලපෑමක් ඇති කර තිබේ.

මෙම අඩුවීම පසුගිය සතියේ පමණ සිට සිදුවී ඇත. මෙරටට පැමිණීමට ගුවන් ආසන වෙන්කරගෙන සිටි පිරිස්ද ඒවා නැවත අවලංගු කරගෙන ඇතැයි සංචාරක අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසීය. අවලංගු කළ පිරිස අතර යුරෝපීය රටවල් පමණක් නොව ඉන්දියාව පවා සිටින බවද ඔහු කීය.

මේ වසරේ ගෙවීගිය මාස තුනට සංචාරකයන් ලක්‍ෂ 02 ඉක්මවා පැමිණි අතර පසුගිය මාර්තු මාසයේ පමණක් සංචාරකයන් එක්ලක්‍ෂ හය දහස් පන්සියයක් පැමිණ තිබිණි. මෙම පිරිස පැමිණීමෙන් ඩොලර් මිලියන 503ක ආදායමක් රටට ලැබී තිබිණි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment