විදෙස් සංචිත ඩොලර් බිලියන 2.12 දක්වා ඉහළට

188

මේ වසරේ (2023) ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2,120 ක් හෙවත් ඩොලර් බිලියන 2.12 ක් දක්වා වැඩි වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි.

මෙය 2022 දෙසැම්බර් මාසය අවසානයේ දී පැවැති ඩොලර් මිලියන 1,898ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී සියයට 11.7ක වර්ධනයකි. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 1,863 සිට ඩොලර් මිලියන 2,064 ක් දක්වා සියයට 10.8 කින් වැඩි වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය ද පසුගිය ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 28 සිට ඩොලර් මිලියන 29 ක් දක්වා සියයට 5.7කින් වැඩි වී ඇත. මෙම විදේශ විනිමය සංචිතය තුළ, චීන මහජන බැංකුවෙන් ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ද අන්තර්ගත වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment