විදෙස් සංචිත ඩොලර් බිලියන 5.5ක් දක්වා ඉහළට

90

අප්‍රේල් මස අග දී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය (දළ නිල සංචිතය) ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විසින් දේශීය විදේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීම හේතුවෙන් මෙසේ විදේශ සංචිතය ඉහළ ගොස් ඇත.

සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ලැබීම් හේතුවෙන් සේවා අංශය, මෑතකාලවලදී සැලකිය යුතු විදේශ විනිමය ලැබීමක් වාර්තා කර ඇති අතර විදේශ විනිමය ප්‍රේෂණ ලැබීම් ද ඉහළ මට්ටමක පැවතුණ බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්වේ.

මෙම විදේශ විනිමය ගලා ඒම නිසා මහ බැංකුවට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකිව ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment